කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 01 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී ඇත.
ඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් මෙලෙස හස්තියා මරණයට පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.
විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා වූ දීඝදන්තු 01 හස්තියා කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කර ගනිමින් වාසය කළ බව සඳහන්.
