අද දින අළුයම් කාලයේ හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී මඩකලපුව දෙස සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියක වන අලින් 08 දෙනෙකු ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
එම අනතුරින් වන අලි 06 දෙනෙකු මියගොස් වන අලි දෙදෙනෙකු තුවාල ලබා ඇත.
අනතුරින් දුම්රියේ එන්ජිම පීලි පැනීමට ලක්වී ඇති අතර මගීන් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැත.
තුවාල ලද අලි දෙදෙනාට වනජීවි නිලධාරීන් විසින් ප්රථිකාර කරනු ලබයි.
හබරණ පොලිසිය වැඩිදුර විර්මශන සිදු කර ගෙන යනු ලබයි
