දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු හේතුවෙන් දුම්රිය ධාවනයේදී ගැටලු මතුවන බවත් මේ තුළින් මගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවක හිඟයක් මෙන්ම ප්‍රමාණවත් පරිදි දුම්රිය එංජින් සහ මැදිරි නොමැති වීමද ගැටලුකාරී තත්ත්වයක් වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්ත ද ඊට මෙතෙක් විසදුම් ලැබී නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති වරයා පෙන්වා දුන්නේය.
“මගියාට අවශ්‍ය පහසුකම් සපයන්න අවශ්‍ය තැනට දෙපාර්තමේන්තුව ගොඩනගන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් තිබියදීත් අවශ්‍ය විදියට පහසුකම් සැලසෙන්නේ නැහැ. ප්‍රධානම ප්‍රශ්නය හැටියට කාර්යමණ්ඩල ප්‍රශ්නය තියෙනවා. පහළ කම්කරුවාගේ ඉඳලා දුම්රිය ස්ථානාධිපතිවරයා රිය නියාමකවරයාගේ තැනට එනකල් පුරප්පාඩු පිරවිලා නැහැ.
ඒවට අමතරව කාර්මික පැත්නෙන් ගත්තාම එංජින් සහ දුම්රිය මැදිරි කට්ටල අවශ්‍ය විදියට යථාවත් වෙලා නැහැ. ඉතින් මේ කාරණා පිළිබඳ අපි බලාගෙන ඉන්නවා. නව රජයෙන් අවශ්‍ය පහසුකම් සලසයි කියලා. නමුත් ඒ දේ සිද්ධ වෙන්නෙත් නැහැ. මේ පවතින තත්ත්වයට විසඳුම් හොයන්නේ නැති වුණොත් දුම්රිය ශූන්‍ය වෙලා යයි.”යනුවෙන්ද පැවසුවේය.