නිමල් රාජපක්ෂ
කොළඹ කොටුව සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ගල්ගමුව හා අඹන්පොල දුම්රිය ස්ථාන දෙක අතර දී ඊයේ රාත්‍රී 11.45 ට පමණ දුම්රියේ අලි රංචුවක් ගැටී තිබේ.

අලි හැපිමත් සමගින් දුම්රිය පිලි පනින්නැතිව අනු නවයෙන් බේරී තිබේ. මෙහිදි දුම්රියේ ගැටුණු අලි හතර දෙනෙකු මියගොස් ඇතැයිද දුම්රිිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේය.
