නිමල් රාජපක්ෂ
ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද දුම්රිය ආරක්ෂක හමුදාවේ තුර්ය වාදක කණ්ඩායමට පසුගිය 27 වැනි දිනට පුරා විසිහත් වසරක් සැපරෙයි.
ඒ නිමිත්තෙන් දුම්රිය ආරක්ෂක හමුදා මුලස්ථානයේදී දැනට සේවයේ නිරත දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් චාම් උත්සවයක් පැවැත්විණ.
රාජ්‍ය සම්මානයන්ට පාත්‍රාවු දුම්රිය දෙපාර්තුමේන්තුවේ තුර්ය වාදක කණ්ඩායම 1998 -7-27 දා එවකට දුම්රිය ආරක්ෂක හමුදාවේ සේවයේ නියුතු සැරයන් පද්මසිරි සිල්වා මහතාගේ සංකලපයකට අනුව ආරම්භ කෙරිණ.
එවකට දුම්රිය සාමාන්‍යාධිකාරීව සිටි වේරගම මහතාගේ අනුග්‍රහයෙන්, ආරක්ෂක අධිකාරී සුනිමල් අත්තනායක මහතාගේ අධීක්ෂණයෙන් , ප්‍රවාහන ඇමතිව සිටි ඒ.එච්.එම් ෆවුසි ගේ මුලිකත්වයෙන් දුම්රිය ආර්ක්ෂක හමුදාවේ තුර්ය වාදක කණ්ඩායම යුධ හමුදා තුර්ය වාදක අංශයේ පුහුණු පාසලේ වසර දෙකක යුධ හමුදා පුහුණුවකට යොමු කෙරිණ.
යුධ හමුදා පුහුණු පාසලේ වසර දෙකක් සාර්ථකව පුහුණුව ලබා 2000 වසරේදී තුර්යවාදක කණ්ඩායම පාඨ මාලාව නිමකොට විසිර ගියේය.
ඉන් අනතුරුව රාජ්‍ය උත්සව නියෝජනය කරමින්ද, නිදහස් උත්සවය සදහා වසර තුනක් දුම්රිය දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් තුර්ය වාදක කණ්ඩායම සහභාගිවුහ.වුයේය.
56 වැනි නිදහස් සමරුමට සහභාගිවු දුම්රිය ආරක්ෂක හමුදාවේ තුර්ය වාදක කණ්ඩායමට හොදම තුර්ය වාදක කණ්ඩායමට ලෙස නම් කොට ජනාධිපති සම්මානයයද හිමි වුයේය.
ඉන්පසුව දැයට කිරුළ ප්‍රසංග හා රාජ්‍ය උත්සව නියෝජනය කරමින් දිනේන් දින තුර්ය වාදක කණ්ඩායම විශාල ප්‍රසිද්ධියකට පත්වුහ
මේ වනවිට දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් පවත්වන රාජ්‍ය උත්සව හා දුම්රිය දෙපාර්ත්තුමේන්තුවේ නිලධාරීන්ගේ මංගල හා අවමංගල උත්සව සදහාද දුමරිය ආරක්ෂක හමුදාවේ තුර්ය වාදක කණ්ඩායම විශාල සේවාවක් සිදු කරන බවද ඛණ්ඩභාර නිලධාරී ,දුම්රිය ආරක්ෂක හමුදාවේ උපපරික්ෂක සී.ඩී කොන්ස්ටන් ටයිම් මහතා පැවසුවේය.
