නිමල් රාජපක්ෂ
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල්කොට තිබු දුම්රියක තිබී තුවක්කුවක මැගසිනයක් හා පතුරොම් දැමු කොටසක් සොයාගෙන ඇතැයි දුම්ය දෙපාර්තුමේන්තුව පවසයි.
වහාම ක්‍රියාත්මක වු බෙලිඅත්ත දුම්රිය ස්ථානාධිපතිවරයා අදාල සිද්ධිය බෙලිඅත්ත පොලීසියට දැන්වීමත් සමගින් පොලිස් නිල සුනඛයින් යොදා පරික්ෂා කිරිමේ කටයුතු සිදු කර තිබේ.
මෙම දුම්රිය අද පෙරවරු 6.30 මරදාන දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා ධාවනය කර තිබිණ. පසුව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල්කොට තිබී නැවත බෙලිඅත්ත සිට මහනුවර බලා ගමන් ඇරඹීමට පෙර දුම්රි ය සේවකයකු පරික්ෂාකිරීමේදී එක් මැදිරියක ආසනයක් යට කළු පැහැති බෑගයක් තිබෙනු දුම්රිය සේවකයෙකු දැක ඇත. ඒ සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති දැනුවත් කොට පරික්ෂා කිරීමේදී එහි තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමු කොටසක් දැක ඇත.
අදලා සිද්ධිය පිළබදව බෙලිඅත්ත පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
මේ හේතුව නිසා බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද විය හැකි බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
