නිමල් රාජපක්ෂ.
දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් අගෝස්තු මස 1 වැනිදා සිට ලබා ගැනීම අනිවාර්ය කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වු අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා, දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට එළෙඹි අතර කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතු බවයි පැවසුවේය.
එම මාධ්‍ය හමුවට එක්වු රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ මගී බස් රථවල සවිකර ඇති අමතර උපාංග සම්බන්ධයෙන් ජුලි පළමුවනදා සිට නීත්‍යානුකූලව කටයුතු කරන බවයි.
