ඉදිරි සියලු මැතිවරණවලදී දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර බව
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම එවැනි පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරන බව පැවසීය.
මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10 ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක ව ක්‍රියාත්මක කර බව පැවසීය.
මීට අමතරව ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සදහා විශේෂ අවධානය යොමුකිරීමට තීරණය කර තිබේ.
ආබාධිත ප්‍රජාවට විශේෂ හැඳුනුම්පතක් ලබා දීමටත් පියවර ගන්නා බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
