Spread the love

නිවසින් අතුරුදහන් වි සිටි දෙදරු පියාගේ සිරුර (08) දින කාසල්රි ජලාශයේ ප්‍රජා ශාලාව අසල තිබි හමු වු බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ කාසල්රි ජලාශයේ තිබි හමු වි ඇත්තේ හැටන් දික්ඔය සමරවල්ලි ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ.ජයතිස්ස (53) හැවිරිදි දෙදරු පියාගේ සිරුරයි.

බිරිදගෙන් වෙන් වි තනිව ජිවත් වන මෙම පුද්ගලයා මත්පැන් පානයට ඇබ්බැහි වු පුද්ගලයෙකු බවත්, (07) දින පස්වරුවේ මත්පැන් පානය කිරිම සදහා නිවසින් බැහැර වු පුද්ගලයා යලිත් රාත්‍රියේ නිවසට නොපැමිණි බවත්, මරණකරු රෝගි තත්ත්වයකින් පෙලෙන්නෙකු බවයි ඥාතින් කියා සිටියේ.

කාසල්රි ජලාශයේ තිබි හමු වු සිරුර හැටන් පොලිසියේ නිලධාරින් විසින් ගොඩගෙන හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.පාර්තිබන් මහතාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.