Spread the love


නිමල් රාජපක්ෂ –

දුම්රියයන් වල මගීන් ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන ,බෑග් සොරා ගන්නා සැකකරුවන් හා සින්දු කියන්නන් , ගැට කපන්නන් , වෙළෙන්දන් තම ගැහැනු දරුවන් හා අත දරුවන් යොදාගෙන මගීන් ට හිරිහර වන අයුරින් දුම්රියයන් තුළ ගමන් ගන්නා යාචකයින් දුම්රිය ආරක්ෂක නිලධාරින් දියත් කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදි මගින්ගේ මුදල් පසුම්, ජංගම දුරකථන බෑග් සොරා ගත් ගුවන් හමුදා නිලධායකු ද මීට පෙර කොටුව පොලීසියට බාර දුන්නද ඹහු ද මුදාහැර ඇතැයිද , පසුගිය 21 දින යාචකයකු තම දියණිය සමගින් සිගමන් යදිමින් සිටියදී අත්අඩංගුවට ගෙන කොටුව පොලිසිය වෙත බාරදී මට කටයුුතු කලද එම පොලිස් ස්ථානය මගින් අදාල සැකකරුවන් අධිකරණ වෙත ඉදිරි පත් කිීරීමට රාජකාරිය නිසියකාර සිදුනවාදැයි යන්න දුම්රිය ආරක්ෂක නිලධාරීන් හට සැකයක් මතුවී ඇතැයිද වාර්තාවෙයි.
පසුගිය දෙදිනක කොටුව දුම්රිය ස්ථානය ඇතුළුව දුම්රිය වල සිදුකල සෝදිසි මෙහෙයුමකදි තම 10 හැවිරිදි දියණියද කැටුව දුම්රියේ සිගමන් යදිමින් සිටි යාචකයකු කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල යාචකයා කුඩු වලට ඇබ්බැහි වු අයකු බවට තහවුරු වු අතර මෙම යාචකයා කොටුව දුම්රිය ස්ථානයේන් මාතර බලා ධාවනය වන දුම්රියේ දියණිය ඉස්සර කරගෙන සිගමන් යදිමින් සිටියදි පසුගිය 21 වැනිදින අත්අඩංගුවට ගෙන දුම්රිය ආරක්ෂක නිලධාරීන් කොටුව පොලීසියට බාරදී තිබේ.

වේයන්ගොඩ ගැහැනු කෙනෙක් තම දරුවාට ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ගැනීම සදහා කියමින් දුම්රියේ හිගමන් යදිමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. ආදල කාන්තාවකගෙන් ප්‍රශ්න කිරිමේදි වසර දහයක් තිස්සේ දුම්රියේ සිගා කන බවත් සිය දරුවා මීට වසර කිහිපයකට පෙර මිය ගොස් ඇතත් මගින් රවටමින් මුදල් ගසා කන බවත් සනාථ කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී තිබේ.

යුධ හමුදාවෙන් විශ්‍රාමගොස් දුම්රියේ අනවරයෙන් වෙළදාම් කරමින් සිටියදි අයෙක්කොටුකරගෙන ඇති අතර , සිංදු කියන අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා මෙම දෙදෙනා රාගම දුම්රිය ආරක්ෂක හමුදාවට බාරදී තිබේ. . තවත් කාන්තාවක් තම අතදරුවා කරේ තබාගෙන සිගමන් යදිද්දි අත්අඩංගුවට ගෙන ඇත අදාල කාන්තාවගේ කරේ සිටින අත දරුවා මොනව හේතුවක් නිසාවත් ඇහැරෙන්නේ නැති බවද පවසයි.
දුම්රියේ පොත් වෙළදාම් කරන අයකුද ප්‍රවේශපත්‍ර නොමැතිව සිටියදි අත්අඩංගුවට ගෙන ඒ මොහොතේම දඩ අයකර ගෙන තිබේ.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් කොටුව සිට රාගම .වේයන්ගොඩ හා ආපසු කොළඔ කොටුව බලා ධාවනය වු දුම්රියයන් කිහිපයක කල සෝදිසි මෙහෙයුමේදි වෙළෙන්දෝ 2 ක් යාචකයින් 3 ක් පොත් අලෙවි කරන්නෙක් අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර අධිකාරී මධ්‍යම ජයන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් , තොටුව කාර්යබාර නිලධාරි කුමාරසිංහ,කොටුව රාජකාරි නිලධාරී සැරයන් ආනන්ද සිරි කාන්තා ආරක්ෂක සැරයන් විජේ ගුණසේකර වැටලිම කලේ සහකාර අධිකාරි මධ්‍යම ජයන්ත සිල්වා උපදෙස් මත , කාර්යබාර නිලධාරි කුමාරසිරි , සැරයන් ආනන්ද සිරි , කාන්තා සැරයන් ස්වාර්ණා.කාන්තා ආරක්ෂිකා වරුන්වන විජේගුණසේකර , වේරගොඩ ,වාසනා ,සන්ධ්‍යා , ආරක්ෂක උදේකාන්ත යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.