Spread the love

මිද්දෙණිය පොලිස් වසමේ තෝරකොළයාය තේක්ක රක්ෂිතයේ තිබී වෙඩි වැදී ඇති බවට සැක කෙරෙන පිරිමි මළ සිරුරු දෙකක් සොයා ගත් බව මිද්දෙණිය පොලීසිය වාර්තා කරයි.

මියගිය පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 30 ත් 35 ත් අතර පසුවන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතී.

ඊයේ (ජූනි 24) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට පොලීසිය සැක කරයි.