දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මැයි 24වනදා පෙ.ව. 9 සිට පසුදින පෙ.ව. 6.00 දක්වා එම මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසාතැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය පවසයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත නිවේදනයක් යොමුකරමින් දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ දැනුම්දී තිබේ.
ඒ අනුව ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුතක් මැයි 24වනදා සිදුකරේ.
මෙම කාලසීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිතා කරනමෙන් ධම්මික ජයසුන්දර මහතා දන්වා සිටියි.