Spread the love

වන අලි පිරිස ගණනය කර ගැනීමට නොහැකි ආණ්ඩුවක්, රිලවුන් ගණනය කිරීමට උත්සාහ කිරීම හාස්‍යජනක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

විදුලි බලය සම්බන්ධ ගැටලුව වඳුරාට ගියා මෙන්, වත්මන් ආණ්ඩුව විසින් මෙරට සියලුම ගැටලු වඳුරාට, රිලවාට, බල්ලාට, පූසාට දමන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා උසාවි ප්‍රහාරයේ මහ මොළකාරිය සිටින තැන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල දන්නා බවත්, අවශ්‍ය වේලාවට අල්ලා ගන්නා බවට ඔහු ප්‍රකාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේය.

සැඟව සිටින ස්ථානය දන්නේ නම්, ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම ගැටලු සහගත බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.