ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට තීරණය කර අවසන් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි
ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් නොකිරීමට තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසට බලය ලැබුණු පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා නම් කරනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කර අවසන් බවද උදයංග වීරතුංග වැඩිදුරටත් සඳහන් කළේය.