Spread the love

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මෙම පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 02 – 15 සහ නැගෙනහිර දේශාංශ 85 – 100 අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි සඳහන් ව