Spread the love

නිමල් රාජපක්ෂ

මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම පිළිබඳව මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, එම ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 19 වැනි දින උස්වැටකෙයියාව ශ්‍රි ලංකා නාවික නෞකා කැළණී ආයතනයේදී පැවැත්විණි.

ඒ අනුව,  මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් ඇතිවන අයහපත් ප්‍රතිවිපාක මෙන්ම, පවත්නා නීතිමය රාමුව පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම එහිදී සිදු කෙරුණු අතර, නීත්‍යානූකූලව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ ඉල්ලීම් සහ ගැටළුද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කෙරිණි.    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, මීගමුව සහකාර ධීවර අධ්‍යක්‍ෂක, බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධීවර පරීක්‍ෂකවරුන් සහ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ