අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 65ත් 75ත් අතර තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ
