නිමල් රාජපක්ෂ
මෙවර නත්තලට සුරාසල් 25 දින වසා තබන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.
නමුත් එදිනට නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් හා බලපත්‍ර කොන්දේසි කඩමින් හෝටල් රටබීම හල් හා ආපන ශාලා වල මත්පැන් අලෙවි කල හොත් තරා තිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු ඇත.
නත්තල් දිනට බලපත්‍ර ලාභීන් සුරාසල් වසා තිබීයදි තමන්ගේ නිවෙස්තුල හෝ වෙතන් ස්ථානයක තබාගෙන මත්පැන් අලෙවි කල හොත් අදාල බලපත්‍ර ලාභියාට කිසිදු සමාවක් නොදෙන බවද ඒ මොහොතේම සුරාබදු බලපත්‍ර ස්ථානය සීල් තැබීමට පියවර ගන්නා බවද පැවසුවේය..
මින් ඉදිරියට පොහොය දිනක හෝ සුරාසල් වසාතැබෙන කිසිදු දිනක බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල අසුවුහ හොත් දඩුවම් පැමිණ වීමට අමතරව බලපත්‍රය අත්හිටුවිමට කටයුතු කරනු ඇත.
මෙවර නත්තල් දිනය දා මත් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීම සදහා පැය විිසිහතර පුරාම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකවල නිලධාරීන් යොදවා ඇතැයිද උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසුවේය.
