මාගම්මන ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට එක්වූ පුද්ගලයින් 19ක් සහ තරුණියන් 08ක් සැකපිට කහතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුව්න් හා සැකකාරියන් අවුරුදු 20-22 වයස් කාණ්ඩවල අය බවත් ඹවුන් පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, මහනුවර සහ දියතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තහවුරු වෙයි.
එහිදී සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍යද තවත් සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී මත් පෙති ද පොලීසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය පිළිබදව කහතුඩුව පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
