Spread the love

ධීවර අමාත්‍යංශයේ නව ලේකම් වරිය ලෙස ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියෙ නිලධාරිනියක් වන කේ.එන් සෝමරත්න මහත්මිය ඊයේ එම අමාත්‍යංශයෙ වැඩ භර ගන්නා ලදි.
එතුමිය 1995 වසරේදි පරිපාලන සේවයට බැදුණු අතර අවසන් වරට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයට අතිරේක ලේකම් සංවර්ධන ලෙස සේවය කල අතර ශ්‍රි ලංකා
වරාය අධීකාරියේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේත් ජාතික ජලජ සම්පත් පරේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයනහින් අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය විශ්‍රාම යැමෙන් පසු එම අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්වි ඇත.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරුන් වන අප්සරා නිශ්ශංක , ධම්මික රනතුනංග ,ධිවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහ වත්ත යන නිලධාරීහු සහභාගිවුහ.