Spread the love

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් හෙට (09) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, දිස්තික් පහකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කරන බවයි.

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇදහැලෙමින් පවතියි.

ගත වූ පැය 24 තුළ මිලිමීටර් 114.3ක් වූ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ, කෑගල්ල, මොරලිය ඔය ප්‍රදේශයෙනි.

වැසි සමඟ බුලත්සිංහල කුඩා ගඟ පිටාර ගැලීමෙන් පරගොඩ, නාලියද්ද, දඹල ආදී ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බව ද සඳහන්ය.

ගංවතුර සහ නායයෑමේ අවදානම හේතුවෙන් බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලය, පරගොඩ කිතුලේගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහළවෙල්ගම කනිෂ්ඨ විද්‍යාලය අදත් වසා තැබිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙටත් ඇතිවිය හැකි බවයි.