Spread the love

#

International Day of the Sea farer වෙනුවෙන් Ceyline ආයතනය සංවිධාන කරන ලද සැමරුම් උත්සවයක් පසුගිය දා Ceyline Training Center Bolgoda හි පවත්වන ලදී.

වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රධාන ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


නාවික ඉංජිනේරුවරයෙකු වන ජනිත රුවන් කොඩිතුවක්කු මහතා තමන්ගේ අත්දැකීම් පැමිණ සිටි පිරිස සමග බෙදා ගත් අතර නාවික ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා රජය මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේ දී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පැමිණ සිටි නාවිකයින් දැනුවත් කරන ලදී.

තවදුරටත් අදහස් දැක් වු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලාංකීය සමාජය තුල නාවික වෘත්තියට ඇති පිළිගැනීම ඉහල නැංවීම සඳහා මේ වන විටත් සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.