පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බිඳවැටුණු නයාරු පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශයේ ජනතාව වෙත, එම කලපුව ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසිම වෙනුවෙන් 2025 නොවැම්බර් මස 29 වන දින නාවික හමුදාව විසින් ආරම්භ කල විශේෂ බෝට්ටු සේවාව, අද දින (2026 ජනවාරි 06) සාර්ථකව නිමාවට පත්විය.
ඒ අනුව, නයාරු සිට කෝකිලායි දක්වා නයාරු කලපුව ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසිම සඳහා නාවික හමුදාව මඟින් ක්‍රියාත්මක කල මෙම මෙහෙයුම යටතේ 2025 නොවැම්බර් මස 29 සිට මේ දක්වා (2026 ජනවාරි 06) පුද්ගලයින් දහහත්දහස් අටසිය හැටදෙනෙකු (17,860) සහ යතුරුපැදි එක්දහස් නවසිය දොලහක් (1912) ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සිදුකෙරුණු අතර, නයාරු පාලම නැවත යතාවත් කිරීමෙන් පසුව, එම මෙහෙයුම මෙලෙස අද දින (2026 ජනවාරි 06) සාර්ථකව නිමාවට පත්විය.
