නිමල් රාජපක්ෂ-
වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ සිට කිලෝමීටර් හතරක් දුරින් වු මුහුදේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ධීරව යාත්‍රාවක සිටි ධීරයින් තිදෙනකු ඊයේ (19) සිදුකළ විශේෂණ සෝදිසි මෙහෙයුමකදි නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්විය.
මොවුන් මුදා ගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සදහා දික්ඹිවිට වරාය වෙත රැගෙන විත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව වෙත බාර දි තිබේ.
මොවුන් තිදෙනා පෙරේදා (18) ඩිංගි යාත්‍රාවකින් ධීවර කටයුතු සදහා පිටත්ව ගියද පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නැවත ගොඩබිමට පැමිණීමේදී, එහි පිටත දහන යන්ත්‍රය අක්‍රීය වීමෙන්, පල්ලියවත්තට ඔබ්බෙන් නාවික සැතපුම් 02 ක් පමණ (කිලෝ මීටර් 04 ක් පමණ) දුරින් වූ මුහුදේ ආපදාවට පත්ව ඇත.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් මුදා ගැනීම සඳහා යොමු කෙරිණි
වීඩියෝව නරඹන්න