රටේ ජනාධිපතිවරු අගමැතිවරුන් මන්ත්‍රීවරුන් පළවෙනි අඩිය තැබීම්, අත්සන් කිරීම්, දිවුරුම් දීම් වැනි සියලුදේ නැකතට සිදු කළත්, වසර 75 කට පසුත් රට බංකොලොත්වී ඇති බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
නැකැත් හරි හෝ වැරදි විය හැකි බවත් තමන්ගේ ආත්ම විශ්වාසය සමඟ වැඩකටයුතු සිදු කරන ලෙස ඇමතිවරයා පැවසුවේයත.
නැකැත් කමිටුව පත්වන ආකාරය තමන් නොදන්නා අතර 1992 වසරේ වී.ජේ.මූ. ලොකුබණ්ඩාර විසින් නැකැත් කමිටුවක් සකස් කර ඇති බවත් එදා සිට වර්ථමානය දක්වාම කිසිඳු සංශෝධනයක් නොමැතිව එම කමිටුව පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ලෝකයේ රටවල් අතරින් සියලු දෙනා එකට හැලි වලං ලිපේ තබා කිරි උතුරවා කිරිබත් සාදා එකම අවස්ථාවේ ආහාර ගන්නා ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත්, මෙම නැකැත් අර්බුදය හරහා සිදුව ඇත්තේ රටේ සංස්කෘතියට පහර ගැසීමක් බවයිි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
