ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 4.4% ක සුළු අඩුවීමක් සිදුව ඇති බව මහ බැංකුව පවසනවා.
මහ බැංකුව සඳහන් කරන්නේ මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇති බවයි .
වැඩිදුරටත් සඳහන් වන්නේ චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් බවයි .
