Spread the love



ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි මස 14 සිට 19 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිතුන් දෙනෙකු (23) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ ට්‍රෝලර් යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
 
ඒ අනුව, ත්‍රීකුණාමලය ජයනගර් හා තක්වනගර්, ගාල්ල අකුරළ, බලපිටිය සහ යාපනය ඩෙල්‍ෆ්ට්, පේදුරුතුඩුව යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, දකුණ සහ උතුරු නාවික විධාන මඟින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය, ගාල්ල සහ බේරුවල වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු කාර්යාල, ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය සහ පේදුරුතුඩුව ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි