Spread the love

නිමල් රාජපක්ෂ

රුපියල් මිලියන 34 කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථන 390 කට අධික තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගියෙකු අද (18) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) ග්‍රීන් චැනල් හිදී ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අවශ්‍ය අනුමැතියකින් තොරව මෙම දුරකථන මෙරටට ගෙනැවිත් ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ව්‍යාපාරිකයෙකි.

ඔහු අද උදෑසන 7.00 ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 ගුවන් යානයෙන් පැමිණ තිබේ. ගමන් මලු තුනක සඟවා තිබූ ජංගම දුරකථන 397 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

සිද්ධිය පිළිබද රේගු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.