Spread the love

කොරෝනා වසංගත සමයේදී පවා දඹදිව සිද්ධස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා සහ ඒ අවට සිටි ජනතාවට පීඩා එල්ල නොවූ බැවින් නිපා වැනි වෛරසයක් සම්න්ධයෙන් වන්දනාකරුවන් කිසිසේත් බිය විය යුතු නොමැති බව විදේශ බෞද්ධ වන්දනාකරුවන්ගේ සංගමයේ මහ ලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ලොලුව පවසනවා.

නිපා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවා දඹදිව වන්දනා චාරිකා කඩාකප්පල් කිරීමේ උත්සහයක ඇතැම් කණ්ඩායම් නිරත වී සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

දඹදිව වන්දනා චාරිකා සංවිධාන නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය හෝ බුද්ධ ශාසන අමාත්‍යංශය මෙතෙක් නිර්දේශ නිකුත් කර නොමැති බවයි විදේශ බෞද්ධ වන්දනාකරුවන්ගේ සංගමයේ මහ ලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ලොලුව වැඩිදුරටත් පැවසුවේ.