Spread the love

නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ .

මෙසේ ඝණ මීදුම් තත්ත්වයක් පවතින නිසා, එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන, සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ