Spread the love


මෙරට සෞඛ්‍ය සේවාවේ හෙද කාර්ය මණ්ඩලවල ක්‍රීඩා කෞෂල්‍ය ඉහළ නැංවීමත්, කායික හා මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (GNOA) විසින් 10 වන වරටත් පවත්වන්නට යෙදුන “නුවරඑළිය ක්‍රීඩා වසන්තය” පසුගිය 27 සහ 28 යන දෙදින පුරා නුවරඑළිය තුරඟ තරඟ පිටියේ දී පැවැත්විනි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ක්‍රීඩා වසන්තය පැවැත්වීණ.
දිවයිනේ සියළු පළාත් නියොජනය කරමින් රෝහල් සහ හෙද විදුහල් ක්‍රීඩා කණ්ඩයම් රැසක් මෙම ක්‍රීඩා වසන්තය හා එක්ව සිටි අතර. ක්‍රිකට්, නෙට්බෝල්, වොලිබෝල්, බැට්මිටන් යන කණ්ඩායම් තරග මෙහිදී පවත්වන්නට යෙදුනි.
මෙහිදී ක්‍රිකට් කාන්තා ජයග්‍රහණය ගාල්ල හෙද විදුහල ලබාගත් අතර, පිරිමි ශුරතාවය මුතූර් කණ්ඩායම ලබාගන්නා ලදි. කාන්තා වොලිබෝල් ශුරතාවය අනුරාධපුර හෙද විදුහල් කණ්ඩායම හිමිකරගත් අතර, වොලිබෝල් පිරිමි සම ශුරතාවය බදුල්ල සහ පොළොන්නරුව රොහල් කණ්ඩායම් හිමිකර ගන්නා ලදි. නෙට්බෝල් හෙද විදුහල් ශුරතාවය කළුතර හෙද විදුහලත්, නෙට්බෝල් රෝහල් අංශයේ ශුරතාවය යාපනය ශික්ෂණ රෝහල් කණ්ඩායමත්, බැටිමිටන් කාන්තා ශුරතාවය බලපිටිය රෝහල් කණ්ඩායමත්, පිරිම් ශුරතාවය අම්පාර හෙද විදුහල් කණ්ඩායමත් හිමිකරගන්නා ලදි.