නිමල් රාජපක්ෂ
නුවරඑළිය ග්‍රෙගරි වැව මතට ගොඩබෑමේදී පෞද්ගලික ගුවන් සමාගමකට අයත් C 208 වර්ගයේ ගුවන් යානයක් (Sea Plane) අද දින (2026 ජනවාරි 07) අනතුරට ලක්වූ අතර, ග්‍රෙගරි වැව පරිශ්‍රයේ රාජකාරී නියුතු නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක්, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් හා එක්ව ක්‍ෂණිකව ක්‍රියාත්මක කල මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, එම ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා (02) නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නුවරඑළිය ප්‍රදේශයේ සංචාරකයන් පිරිසක් රැගෙන යාම සඳහා ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී මෙම ගුවන් යානය අනතුරට පත්වී ඇති අතර, එම වැව් පරිශ්‍රයේ රාජකාරී නියුතු නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයේ ජීවිතාරක්‍ෂක කණ්ඩායම, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම සමඟ ක්‍ෂණිකව ක්‍රියාත්මක වීමෙන්, යානයේ නියමුවන් දෙදෙනා මෙලෙස නිරපද්‍රිතව මුදා ගැනීමට හැකි විය.
තවද, නුවරඑළිය ග්‍රෙගරි වැව ඇතුළු දිවයිනේ ජලාශ්‍රිත ප්‍රදේශයන්හි සිදුවිය හැකි අනතුරු වලදී ජීවිතාරක්‍ෂක සේවා සැපයීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටියි.
