Spread the love

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 40 වන තරගය එංගලන්ත කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තේය.

පන්දුවට පහරදීමේදී Ben Stokes 108 ක්, Dawid Malan ලකුණු 87 ක් හා Chris Woakes 51 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී Bas de Leede කඩුලු 3 ක් හා Aryan Dutt, Logan van Beek කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 340 ක්.