Spread the love

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (02) සිදු වී ඇත.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත් ද එක් වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඇති ආර්ථික අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.

දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ නොර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට සිදු කරමින් සිටින ආධාර පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, තනාපතිනිය මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පසු සහභාගී වූ පළමු හමුව මෙය බවයි වාර්තා වන්නේ.