Spread the love

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක 12 හැවිරිදි සිසුවියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් එම පාසලේ විදුහල්පතිවරයාට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවනු ලැබුවා.

ඊට අමතරව පැමිණිළිකාර වින්දිත බාල වයස්කාර පාසල් සිසුවියට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අද (11) නියෝග කළේ.

2016 වසරේ අගෝස්තු මාසයේදී මෙය සිදුව ඇති අතර දැනට එම විදුහල්පතිවරයා තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ විදුහලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන බව සඳහන්.

නඩුවේ සාක්ෂි කැඳවීමටත් පෙරම සැකකරු අදාළ චෝදනාවට වරද පිළිගෙන තිබෙනවා.

දඩුවම් නියම වූ මෙම විදුහල්පතිවරයාගේ බිරිඳ ද අනුරාපුර අධ්‍යාපන කලාපයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙස සේවය කරන බවයි වාර්තා වන්නේ.