Spread the love


නිමල් රාජපක්ෂ –

පරිප්පු ගෙන්වන මුවාවෙන් රුපියල් කෝටි 62,400,000/ ක් වටිනා උදු තොගයක් ගෙන්වු නුවර ප්‍රදේශයේ පිහිටි Goraline Impext Pvt Ltd නමැති ආයතනය විසින් ආනයන කරන ලද බහාලුම් දෙකක් අද දින ශ්‍රී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල බහාලුම් දෙක සැක පිට අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබී නීති විරෝධි ව ආනයන කිරීමට උත්සහ කරන ලද උඳු තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.
සැකකාර ආයතනය මෙම බහාලුම් දෙකෙහි කඩල පරිප්පු කිලෝ 48,000 ක් අඩංගු බවට රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබුනත් එහි කඩල පරිප්පු අඩංගුව තිබී ඇත්තේ කිලෝ 9,000 ක් පමණක් වූ අතර ඉතිරි කිලෝ 39,000 උඳු අඩංගු බවට රේගු නිලධාරීන් විසින් සොයා ගන්න ලදී.
මෙම උඳු තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් 62,400,000 ක් වන බව ගණන් බලා ඇති අතර එම උඳු තොගය රේගුවට හසුනොවී නිදහස් වූවා නම් ඉන් රජයට රුපියල් 7,800,000 ක් බදු ආදායම අහිමි වීමට තිබුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණය පවත්වා භාණ්ඩ සියල්ල රාජසන්තක කර සැක කරුට වැඩිදුර දඩ නියම කිරීමට නියමිතයි.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න