Spread the love

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් උදැසන කාලයේදීද  වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.