Spread the love

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරයි