Spread the love

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

මේ අතර උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි යි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

තද සුළංවලින් වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස‍යි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.