Spread the love

පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව පවුල් 59,044 ක පුද්ගලයින් 266,072 ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙ ් අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් අද පැවැති මාධ්‍ය හමුවකදි සදහන් කළේ.

ආරක්ෂිත මධ්‍යස්ථාන 104 ක පවුල් 3,102 ක පුද්ගලයින් 10,137 ක් රඳවා ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.