පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 100 ක ප්රතිඵල නිකුත් වී ඇත.
එම ප්රතිඵල අනුව ඡන්ද 1,074,091 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 492,014 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 237,052 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ රැඳී සිටි.
දැනට නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 100 අතුරින් පළාත් පාලන ආයතන 79 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇත.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 15 ක, සමස්ත ලංකා දෙමල කොංග්රසය පළාත් පාලන ආයතන 2 ක, හපුතලේ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම 01 ,ජාතික කොංග්රසය, සමගි ජන බලවේගය, ශ්රී ලංකා මුස්ලිම් ක්රොංගසය පළාත් පාලන ආයතන එක බැඟින් බලය පිහිටුවීමට සමත්වී තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 9.39%
එක්සත් ජාතික පක්ෂය 5.17%
පොදු ජන එක්සත් පෙරමුණ 3.94%
ඉලංගෙයි තමිල් අරපු කච්චි 3.86%
සර්වජන බලය 2.63%