Spread the love

පළාත් පාලන මැතිවරණය සඳහා ජනවාරි මාසයේ අවසානයේ දින ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ අවසානයේ නාම යෝජනා කැඳවා මැතිවරණය සඳහා දින ප්‍රකාශයට පත් කිරිමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවයි අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට ලබාදී ඇති නාමයෝජනා සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ