Spread the love

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (05) පස්වරු 06.00 සිට හෙට (06) පෙරවරු 06.00 දක්වා පැය 12ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.

ඒ අනුව ජා ඇල,කටුනායක හා සීදූව නගර සභා බල ප්‍රදේශ වලටත් කටාන,මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ජා ඇල,ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල කප්පාදුව සිදුවෙයි.

වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.