නිමල් රාජපක්ෂ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයට දැඩි ලෙස හානි සිදුවුවත් මගි ජනතාවගේ ගමන් පහසුව සදහා හෙට (03)දිනයේ දුම්රිය ගමන් වාර 32 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
මෙතෙක් දවස් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට නොහැකි වුයේ ගංවතුරට දුම්රිය මාර්ගය යටවීමෙන් හා පස්කදු කඩා වැටීම දුම්රිය මාර්ගය අවහිරවී තිබීම නිසාය .
නමුත් ක්‍රමක් ක්‍රමයෙන් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමත් සමගින් හෙට දිනයේත් අබේපුස්ස දුමරිය ස්ථානයේ සිට කාර්යාල බලා ගමන් ගන්නා මගීන්ගේ ගමන් පහසුව සදහා සහ කාර්යාල බලා පැමිණි මගීන්හට සිය නිවෙස් කරා ගමන් කිීරීම සදහා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වැඩි කිරීමට පියවර ගෙන ඇතැයිද අසංක සමරසිංහ මහතා පැවසුවේය.
කැළණිවැලි මාර්ගය ,පුත්තම් මාර්ගය හා මුහුදු බඩ මාර්ගයේ ද දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදු කරන බවද වැඩි දුරටත් පැවසුවේය.
