Spread the love

රජයේ අමාත්‍යවරයෙකු විසින් ගොඩනැගිල්ලක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වූ අධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙම අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය විසින් දෙවරක්ම නියෝග කර තිබුණද පොලීසිය එම නියෝග ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම, රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කළ විනිසුරුවරියකට උසස්වීමක් ලබා දුන් බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම කරුණු හෙළිදරව් කළේය.