Spread the love


නිමල් රාජපක්ෂ

ගම්පහ , රාගම , දෙමටගොඩ, බම්බලපිටිය, කොල්ලුපිටිය යන දුම්රිය ස්ථානවල පසුගිය මාසය තුළ සිදුකළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී දුම්රියේ හොටර ගමන් කළ මගීන් 207දෙනෙකු අත්අඩංගවට ගෙන රුපියල් හතර ලක්ෂ විසිඅටදාස් හයසිය හතළිහක දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 80 දෙනෙකු සිටි බව කොටුව මෙහෙයුම් ඒකකයේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැවසුවේය.
කිසිදු බියක් සැකක් නැතිව කිසිදු ප්‍රවේශපත්‍රයක් නොගෙන බමබලපිටිය දුම්රිය ස්ථානයෙන් කාන්තාවන් වැඩි පිරිසක් බැස යද්දි කොටු කර ගැනීමට සමත්වී තිබේ.
ගම්පහ දුම්රිය ස්ථානයේ පැය තුනක කාලයක් සිදු කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දරුවන් සමගින් පාසල් දරුවන් 46 දෙනෙකු කොටු කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරින්ට හැකිවි තිබේ.
දිනපතාම දුම්රිය ස්ථානවල හා දුම්රියයන් තුළ ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන බැවින් මගීන් තමන් ලබාගත් ප්‍රවේශපත්‍රයට හිමි පංතියේ ගමන් කරන ලෙසත් , ප්‍රවේශපත යක් නොමැතිව හෝ ඉහළ පංතියේ ගමන් කර හසුවුවහොත් තරා තිරම නොබලා දඩ නියම කරන බවත් .දඩ ගෙවීම පැහැර හැරිය හොත් අධිකරණයට ඉදිරි පත් කිරීමට පියවර ගන්නා බවද දුම්රිය ආරක්ෂ ක නිලධාරීන් පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න නියෝජ්‍ය අධිකාරි ජි.ඩබ්ලිව් සුමිත් යන මහත්වරුන්ගේ උපදෙස් මත, , සහකාර අධිකාර එන්.පී. ජයන්ත , මුලස්ථාන පරීක්ෂක සිසුල් ප්‍රේමලාල් යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරීන පාලිත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් , කොටුට, දුම්රිය මුලස්ථානය රාගම , ජොන්හෙලන්, මරදාන , මාලිගාවත්ත ඇතුළු සේවා ස්ථාන රැසක නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම වැටලීමි සිදු කළහ.