ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිලි විභාග කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට ආරවුල සිදුව ඇති බව පොලිසිය කීය.
අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අළුයම 2 පමණ නිළිය හමුවීම සදහා ඇය රැදී සිටී පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටී නිවසට පැමිණ ඇති අතර, එහිදී ආරවුල සිදුව ඇති බව සදහන් වේ.
තමන්ට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂකවරයා ලබගත් බවට ජනප්‍රිය නිළිය සහ තවත් කාන්තාවක පැමිණිල්ලක් කර ඇති අතර , තමාගේ ලක්ෂ හැත්තෑ පහකට ආසන්න මුදලක් ජනප්‍රිය නිළිය වෙනුවෙන් වැයකර ඇති බවත්, ඊයේ අළුයම ජංගම දුරකථනය , ලක්ෂ තුනහමාරක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුරද ලබාගත් බවට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයාද ප්‍රකාශ කර ඇති බව පොලිසිය කීය.
පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතා දෙපාර්ශවයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සමථයකට පත්වූ බවත් , අවවාද කර පිටත්කර යැවූ බවත් සදහන් වේ.