Spread the love

තරග පරාජයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි..

ඒ අනුව පරාජයන් සඳහා කිසිඳු බාහිර පාර්ශවයක බලපෑමක් එල්ල නොවූ බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.

නායකත්වය තමාට පීඩනයක් නොවූ බවත් තරගාවලියේ පළමු තරග දෙක හොඳින් ක්‍රීඩා කළත් පසුව ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම තමන්ට පීඩනයකින් වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ