Spread the love

නාගොඩ සුමන

පාතාල අපරාධ මැඩපැවැත්වීම සඳහා විශේෂ පුහුණුව ලත් කණඩායම් අද (25) දහවල් සිට යොදවා ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100කගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් යොදවා තිබේ.

අද උදෑසන කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ සති 02ක පුහුණුවෙන් පසු එම කණ්ඩායම්විසිර යාම සිදුවිය.

එම කණ්ඩායම් මේවන විට බස්නාහිර සහ දකුණු පළාත් වල හඳුනාගත් පොලිස් වසම් ආවරණය වන පරිදි යොදා තිබේ.

ක්ෂණිකව අපරාධ කරුවන් වෙත හමාගොස් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුහුණුව ලබාදී ඇතිබව එම අමාත්‍යංශය පවසයි