Spread the love

මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු කිසිවක් වත්මන් ආණ්ඩුව ඉටුකර නොමැති බවත්, ජනතාව රැවටීම​ට ලක්කිරීම ගැ​න ජනතාවගෙන් සමාව ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි

පාර්ලිමේන්තුවේ ආපන ශාලාව වසා දැමීමක් සිදුකර නොමැති බවත්, මන්ත්‍රී නිවාස වසා දැමීමක් හෝ අනෙක් පහසුකම් අත්හිටුවීමක් සිදුකර නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වනවිට, එය කවුරු ​හෝ මත පටවා ජනතාව යළි රැවැට්ටවීමට ආණ්ඩු​ව උත්සාහ ගන්නා බවත් ජනතාව නැවත වරක් රැවටීමට ලක් නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.